මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    කුරුන්ඩතිවු අලිමංකඩ උතුරු ලුණු ලේවාය නැවත ආරම්භ කිරීමට සැලසුම්

    පෙබරවාරි 10, 2020

    කුරුන්ඩතිවු අලිමංකඩ උතුරු ලුණු ලේවාය පෞද්ගලික හවුල් කාරීත්වයක් යටතේ නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර ඇති බව කර්මාන්ත ඇමති විමල් විරවංශ මහතා කර්මාන්ත ඇමති විමල් විරවංශ මහතා අද (10) එම අමාත්‍යශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    අක්කර 1500ක් පුරා විහිදෙන මෙම ලුණු ලේවාය මේ වන තෙක් කිසිදු සංවර්ධනයක් සිදු නොකර ඇති බවත් මේ හේතුවෙන් ලුණු ගෙන්වීම වෙනුවෙන් විදේශයන් සඳහා විශාල මුදලක් වැය වන බවත් පැවසු ඇමතිවරයා, නැවත මෙම ලුණුලේවාය ආරම්භ කිරීමෙන් විශාල ලෙස විදේශයන්ට ගලා යන මුදල් නවතා ගත හැකි බවත් කිය.

    මෙම මාධ්‍ය හමුවේ දී කටහටගහ ග්‍රැෆයිට් මිනිරන් පතළ සම්බන්ධයෙන් ද අදහස් දැක් වු ඇමතිවරයා, මේ වන විට විදේශයන්ට ආනයන කරන්නෙ පතලෙන් ලබාමිනිරන් ඒ අයුරින් වන අතර ඒ හේතුවෙන් ලංකාවට මෙය අවාසියක් බවත් එයට පිළියමක් ලෙසින් වෙනත් පෞද්ගලික සමාගමක් සමඟ එක් වි අගය එකතු කිර විදේශයන්ට ආනයන කිරීමෙන් විශාල මුදලක් ලබා ගැනීමට හැකි බවත්,මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා ගෙන ඇති බවත් කිය.

    පදවිය ප්‍රදේශයේ රජයේ සතුව ඇති කර්මාන්ත පුරයේ නැවත කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත්, එය ද මාර්තු මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමති විමල් වීර වීරවංශ මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya