මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    ඔඩ්ඩුසුඩාන් සහ මහියංගනයේ වසා දමා ඇති පිඟන් කර්මාන්ත ශාලා විවෘත කිරීමට පියවර

    පෙබරවාරි 10, 2020

    ශ්‍රි ලංකා පිඟන් සංස්ථාවට අයත් ව තිබු ඔඩ්ඩුසුඩාන් පිහිටි කර්මාන්ත ශාලාවත්,මහියංගනයේ වසා දමා ඇති කර්මාන්ත ශාලාවත්,මාර්තු මාසය ඇතුළත යළි විවෘත කිරිමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා අද (10) සිය අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    රජරට සැම්සන් ටයිල්ස් සමාගම හා පිඟන් සංස්ථාව එක් ව කිසිදු අයුරකින් පෞද්ගලිකරණය නොකර දෙපාර්ශවයම එක් වී මෙය සංවර්ධන කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.මේ මඟින් එම ප්‍රදේශවල ජිවත් වන ජනතාවගේ දරුවන්ට රැකියා අවස්ථාවන් උදාවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    රුපියල් මිලියන 4000 පමණ  විදේශවලින් උළු ශ්‍රී ලංකාවට ගෙන එනු ලබයි.  ශ්‍රි ලංකා පිඟන් සංස්ථාව සතුව වසා  දමා ඇති ආයතන අතරින් ඉන් ආයතන දෙකක් ලබන මාර්තු මාසයේ දී විවෘත වන අතර ඉතිරි ආයතන 7 මේ වසර ඇතුළත විවෘත කිරීමෙන්, විදේශියව උළු මිල දී ගැනීමෙන් ගලා ගිය රුපියල් මිලියන 4000ක මුදල ඉතිරි කර ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya