මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    අගමැති බුද්ධගායා වන්දනා කරයි- පූජනීය ගංගා නදිය නරඹයි

    පෙබරවාරි 10, 2020

    ඉන්දීය නිල සංචාරයක යෙදී සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) බුද්ධගයාව වන්දනා කිරීමට කටයුතු කළේ ය.

    සරානාත් සිට ඉන්දීය විශේෂ ගුවන් යානාවකින් බුද්ධගයාව වෙත පමිණි අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නය පෙරටු කොට ගනිමින් සම්භාවනීය ඉන්දීය ප්‍රධානීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

    ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා බුද්ධගයා සිද්ධස්ථාන්යේ සංචාරය කොට වන්දනාමාන කළේ ය. තව ද මහාබෝධි මධ්‍යස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

    වරනාසි නගරයට පැමිණ ඉන්දීය ජනතාව පූජනීයත්වයෙන් සලකන ගංගා නදිය නැරඹීමට අද (10) පැමිණියේය

    ගංගා නදිය පිරිසිදු කිරීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ආරම්භ කර ඇති “ නමාමි ගංගා ” නම් සංරක්ෂණ වැඩසටහන ඉතාමත් වැදගත් සහ කාලයට ඔබින අත්‍යවශ්‍ය වැඩසටහනකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya