මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපති උපදෙස් දෙයි

    පෙබරවාරි 11, 2020

    මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

    හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14කි. ගත වූ විසි වසරක කාලයේ දී ඉන් 10% ක ප්‍රමාණයක් මිණුම් කර තිබේ. මෙතරම් විශාල කාලයක් ගත නොකර ඉතිරි 90% කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපුරාදිමට පියවර ගන්නා බව ද පැවසිය.

    නිසි මිණුම්කරණයෙන් පසු සියලු ඉඩම් ඒකක සඳහා හිමිකම් සහතික පත්‍ර ලබාදීමට පියවර ගන්නා ලෙස ද (10) පස්වරුවේ ජනාධිති කාර්යාලයේපැවති සාකච්ඡාවකදි ජනාධිපතිතුමා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරින්ට දැනුම්දුන්නේය.

    හවුල්, ආරවුල් සහ මායිම් නැති ඉඩම් මේ යටතේ නිරවුල් කෙරේ. නවීන මැණුම් උපකරණ, ඩ්‍රෝන කැමරා ඇතුළු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගි කර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය පියවීමේ දී අලුතින් බඳවා ගන්නා උපාධිධාරින් යොදා ගැනීමේ හැකියාව මෙහිදී සලකා බැලිණ.


    සියලු මිණුම් එකම දත්ත පද්ධතියක් යටතට ගෙන ඕනෑම අයෙකුට තොරතුරු ලබාගත හැකි පරිදි සකස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, මැනුම්පති එස්.ඩී.පී.ජේ. දම්පේගම යන මහත්වරුන් ඇතුළු නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya