වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවුන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරනු ලබන නාවික හමුදාව අද (2020 පෙබරවාරි 10) තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 17 දෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. එහිදී කැස්බෑවන් දෙදෙනෙකු (02) මියගොස් සිටි අතර ඉතිරි කැස්බෑවුන් සියළු දෙනාම ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට කටයුතු කරන ලදී.
තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.