මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතය.
මෙහිදී දරු දැරියන් 734 දෙනෙකු සදහා රු.18,505,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යාධාර ප්‍රදානය කරනු ලැබේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 175 දෙනෙකු වෙනුවෙන් රු.20,000 බැගින් රු.3,500,000.00ක ශිෂ්‍යාධාර ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 456 දෙනෙකු සදහා රු.25,000 බැගින් රු.11,400,000.00 ක ශිෂ්‍යාධාර ප්‍රදානය කරනු ලැබේ. එසේම විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 103 දෙනෙකු සදහා රු.35,000 බැගින් 3,605,000.00 ක ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට නියමිතය.
ඒ අනුව 2019 වර්ෂය තුළදී දිවයිනේ පළාත් 9ම ආවරණය කරමින් විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 3489 දෙනෙකු සදහා රු.87,265,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව කාර්යාංශය මගින් ප්‍රදානය කර තිබේ.
කාර්යාංශය මගින් එහි ලියාපදිංචි වී විදේශ රැකියා සදහා ගොස් සිටින ශ්‍රමිකයින්ගේ දූදරුවන් සදහා 1996 වර්ෂයේ සිට වසර 23ක කාලයක් මුළුල්ලේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එතැන් සිට මේ දක්වා දරුවන් 44832 දෙනෙකු සඳහා රු.897,425,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා තිබේ.