මේ රටේ උසස් අධ්‍යාපනය විවෘත විශ්වවිද්‍යාලය හරහා විශාල වශයෙන් පෞද්ගලීකරණය කෙරන බවට චෝදනා දිගින් දිගට ම එල්ල වෙන නිසා ම මම දෙවැනි වතාවට ත් විවෘත විශ්වවිද්‍යාලයට හදිසියේ ම පැමිණියා. ඒ පිළිබඳ උපකුලපතිතුමා, පීඨාධිපතිවරුන් සහ අනෙකුත් බලධාරින් සමඟ සාකච්ඡා කළා. 1980 වර්ෂයේ වෙන ම පනතකින් ස්ථාපනය කරලා තියෙන්නෙ ම ආරම්භයේ පටන් ම කිසියම් මුදලක් අය කරලා අධ්‍යාපනය ලබා දෙන්නට තමයි. ඊට හේතුව තමයි මේකට වැඩි වශයෙන් එන්නේ රැකියා නියුක්තිකයන් වීම. ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවශ්‍යතා රැකියාව කරන අතරතුර ඉටු කර ගන්නට පහසු මාර්ගයක් වශයෙන් විවෘත විශ්වවිද්‍යාලය තෝරාගෙන තිබෙනවා. මේ ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණඩලය සඳහා වැටුප් ගෙවීමට පමණයි රජයෙන් මුදල් වාර්ෂික ව භාණ්ඩාගාරයෙන් ලබා දෙන්නේ. ඉතිරි පරිපාලන සහ වෙනත් කටයුතු සිදු කළ යුත්තේ මේ ආයතනය විසින් ම උපයන මුදල්වලින්. ඒ සඳහා කිසියම් මුදලක් අය කරනවා. නමුත් එය සහනදායී මුදලක්. ඒ් නිසා කිසි ම ආකාරයකින් 700%කින් විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු වැඩි කරලා නැති බව ස්ථිරව ම කියන්න පුළුවන්.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ විවෘත විශ්වවිද්‍යාලයේ හදිසි නිරීක්ෂණයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව ය.
මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පසුගිය වර්ෂවල 10% බැගින් පමණයි ගාස්තු වැඩි වෙලා තිබෙන්නේ. අසාධාරණ ලෙස හෝ ඔය චෝදනා කරන විදියට හෝ අහස උසට ගාස්තු වැඩි කිරීමක් වෙලා නැහැ. ආයතනයේ ගැටලු තිබෙනවා. අධ්‍යයන කාර්යමණ්ඩල ගැටලු, අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු, ශිෂ්‍ය ගැටලු නැතුවා නොවෙයි. ඒවා අපිට සාකච්ඡා කරලා විසඳ ගන්නට පුලුවන්. පසුගිය වසරවල රජයෙන් මේ ආයතනයට සල්ලි දීලා නැහැ. ඒවගේ දේවල් අපි විසඳගන්න ඕනේ. ඒවගේ ම නීති පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම පසුගිය කාලයේ දී නවතා තිබුණා. නමුත් මාර්තු මස 01වැනි දා පුවත්පත්වල එම සිසුන් බඳවා ගැනීමට අදාළ දැන්වීම් පළකිරීමට සැලසුම් කරලා තියෙන්නේ. සියලු ම විශ්වවිද්‍යාලවල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලන්නට අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා.
අපිට අවශ්‍යවෙලා තිබෙනවා මේ විදියට දිගින් දිගට ම උද්ඝෝෂණ, පිකටිං කරන්න කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක බලපෑම තිබෙනවා ද කියලා හොයන්න. අපි දන්නවා සෑම වසරක ම ඇ.ඩො.බිලියන 50ක් වෙනත් රටවලට අපේ රටෙන් ඇදිලා යනවා. ඒ උසස් අධ්‍යාපනය සඳහා පිටරට යන ළමයින්ගෙන්. අපේ රටේ ඒ අවස්ථාව නැති නිසයි එහෙම පිටරට යන්නේ. අසර්බයිජාන්වලට පවා ළමයි යන්නේ ඒ අයගේ ආර්ථික හැකියාව අනුව යි. දීනයට ගිය සිසුන් ගෙන්වා ගන්න ම රජයට විශාල පරිශ්‍රමයක් දරන්න වුණා පසුගිය දවස්වල. ඒ 20 000ක ළමයි මේ රටේ රඳවා ගැනීමට අපි කටයුතු කළ යුතු යි. නමුත් මේ විශාල මුදල පිටුපස සිටින කොටසක් හෝ වෙනත් දේශපාලන බලපෑමක් මත මෙම උද්ඝෝෂකයින් අදෘෂ්‍යමාන ව සිට මේ දේවල් මෙහෙයවනව ද කියලා අපි සොයා ගත යුතු යි. ඒ නිසා මේක දේශීය හෝ ජාත්‍යන්තර උවමනාවක මනදොළ සපුරන්නට සිදුකෙරෙන දෙයක් ද කියලා සොයා බැලිය යුතු යි. යනුවෙන් ද පැවසී ය. මෙම අවස්ථාව සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.ඒ.අරියදුරෙයි මහතා ද එක් විය.