මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    “දිවි අරුණලු” පිළිබඳව මාතර කර්මාන්තකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කෙරේ

    පෙබරවාරි 11, 2020

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව ක්‍රියාවට නංවන ‘දිරිය ඔබෙන් - සවිය අපෙන්’ දිවි අරුණලු වැඩසටහන පිළිබඳව මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කර්මාන්ත කරුවන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ ගැටළු හඳුනා
    ගැනීමේ වැඩසටහනක් වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ග්‍රාමීය ප්‍රජාවට අතහිත ලබා දී ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ අරමුණින් වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ''දිවි අරුණලු''වැඩසටහන හස්ත කර්මාන්ත, ගෘහ කර්මාන්ත හා සාම්ප්‍රදායික කර්මාන්ත ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ.
    මේ අවස්ථාවට මාතර ප්‍රාදේශිය සභාවේ උපසභාපති ලසන්ත සංජීව මහතා ප්‍රමුඛ ප්‍රප්‍රාදේශිය සභාවේ මහජන නියෝජිතයින්, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් දීපිකා කේ. ගුණරත්න මහත්මිය, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාථයංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුදත් ජයසිංහ මහතා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගීතා පෙරේරා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසී කර්මාන්ත කරුවන් හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු 500 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
    මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලදි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya