මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් රජය කිසිසේත්ම රාජ්‍ය සම්පත් විදේශයන්ට විකුණන්නේ නැහැ - රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

    පෙබරවාරි 11, 2020

    වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර දී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය සම්පත් විදේශයන්ට විකුණා දැමීම නොවන බව ඉන්දියාවේ හින්දු පුවත්පතට ඍජුව ප්‍රකාශ කිරීම මත මෙරට නායකයින්ගේ ඍජු, ප්‍රතිපත්තිගරුක, නොබියව ප්‍රකාශ නිකුත් කළ හැකි නායකයින් වත්මන් ආණ්ඩුවේ සිටින බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

    එමෙන්ම, ත්‍රිකුණාමලයෙහි පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවත්, එම සම්පත් ජාතික සම්පත් ලෙස භාවිතයට ගැනීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා එම ඉන්දීය සංචාරයේ දී කියා සිටි බවත්, මේ වන විට එම තෙල් ටැංකි වල අයිතිය තහවුරු කර ගැනීම පිළිබඳ ව IOC සමාගම සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් කියා සිටියේය.


    ඒ පිළිබඳව අයිතිය නිරවුල් ව තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙරට සම්පතක් වන ත්‍රිකුණාමලයෙහි පිහිටා ඇති තෙල් ටැංකි ආරක්ෂා කර ගනිමින් ඒවා ප්‍රතිසංස්කරණය කර මෙරට සම්පත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවත්, මෙම රජය කිසිසේත්ම එවැනි වටිනා ජාතික සම්පත් විදේශයන්ට අළෙවි නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ත්‍රිකුණාමලයෙහි පිහිටි තෙල් ටැංකි බොහොමයක් භාවිතයට නොගැනීම සහ ඒවායේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳ ව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya