මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    පිදුරුතලාගල කදු මුදුනේ රේඩාර් පද්ධතිය - ටෙන්ඩරය ගැන වාර්තාවක් කැදවයි

    පෙබරවාරි 11, 2020

    පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය පිළිබද කාර්මික අපනයන,ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය වාර්තාවක් කැදවයි.

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය විසින් මෙම වාර්තාව කැදවා තිබේ.

    මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සති 02 ක් තුළ මෙම වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරිය විසින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට ලිඛිතවම දැනුම් දී ඇත.

    පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර ඇති ප්‍රංශ සමාගමක නිළධාරින් දෙදෙනෙකු මෙම ටෙන්ඩරය ලබා ගැනීමට විවිධ බලපෑම් සිදු කරන බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත පැමිණිලි ලැබී තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya