මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා රෝගීන් ශ්‍රී ලංකාවේ දී අලුතින් හමු වී නෑ - බොරු ප්‍රචාර වලට නොරැවටෙන්නැයි ඉල්ලා සිටී- විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

    පෙබරවාරි 11, 2020

    නව කොරෝනා වෛරසය අසාදිතයකු අලුතින් ශ්‍රී ලංකාවේ දී හමු වී ඇති බව සමහර මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාර පදනම් විරහිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයට ඊයේ (10) දහවල් 12.00 වන විට ලැබී ඇති වාර්තා අනුව අලුතින් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැති බව අවධාරණය කරන ඒ මහතා සඳහන් කරන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම මෙබඳු සංවේදී මොහොතක කිසිසේත්ම නොකළ යුතු කටයුත්තක් බවයි.

    ශ්‍රී ලංකාවේ දී කොරෝනා නව වෛරස් අසාදිතයෙකු ලෙස මෙතෙක් හඳුනාගෙන ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටින චීන ජාතික කාන්තාව පමණක් වන අතර ඇය ද මේ වන විට සම්පුර්ණ සුවය ලබා ඇති බව ද සමරවීර මහතා පවසයි. මෙවැනි අනවශ්‍ය කටකතා සහ බොරු ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya