මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන සාර්ථකයි - රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

    පෙබරවාරි 11, 2020

    මෙවර මහ කන්නය සඳහා වී අස්වනු මිලදී ගැනීමේ රජයේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ සාර්ථකව ක්‍රියාත්මක වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා රජය මැදිහත්වීම හේතුවෙන් පෞද්ගලික අංශයද රජයේ මිළට වඩා වැඩි මුදලකට වී මිළදී ගැනීමට පෙළඹී ඇති බැවින් ගොවියාට නිසි මිළක් ලබාගැනීමට හැකිවී ඇති බවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය අමාත්‍යංශයේ අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කීය.

    2019/ 20 මහ කන්නය සඳහා වී අස්වනු මිලදී ගැනීමේ වැඩසටහන යටතේ නිසි ප්‍රමිතියකින් යුතු වී කිලෝ ග්රෑම් 01ක් සඳහා රුපියල් 50ක් සහ තෙතමනය 14% ඉක්මවන වී කිලෝග්රෑම් 01 සඳහා රුපියල් 44ක සහතික මිලක් ගොවියාට ලබාදීමට රජය පියවර ගෙන ඇත.

    මේ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් නිසි ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගනු ලබන අතර තෙත වී දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ ප්‍රාදේශිය ලේකම්වරුන් හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විසින් මිළදී ගනු ලබයි. මෙම සමස්ත වැඩසටහනේ අරමුණ වන්නේ ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් සැපයීම හා දැනට වැසීගිය කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නැවත නඟා සිටුවීම බවද අබේවර්ධන මහතා තවදුරටත් කීය.

    පෙර වර්ෂවලට වඩා රජය මගින් ගොවියාගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය මෙවර වැඩිකර ඇත. කලින් වර්ෂවලදී මිලදී ගත් උපරිම වී ප්‍රමාණය කිලෝ 2000ක් වූ අතර මේ වසරේ එය කිලෝ ග්රෑම් 5000ක් දක්වා වැඩිකර තිබෙන අතර පහත සීමාවන් ඉක්මවූවද වී මිලදී ගැනීමට රජය සූදානම් බවද ඒ මහතා කීය.

    රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් ජනාධිපතිතුමා විසින් පත්කොට තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya