මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    බොහෝ විට මාර්තු මස 02 දින වන විට පාර්ලිමේන්තුව විසුරුවාහැරෙන්නට පුළුවන්- ශක්තිමත් පාර්ලිමේන්තුවකට අවශ්‍ය පරිසරය සකස් කර තිබෙනවා

    පෙබරවාරි 11, 2020

    බොහෝ වේලාවට මාර්තු මස 02 දින වන විට පාර්ලිමේන්තුව විසුරුවාහැරෙන්නට පුළුවන් බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (11) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    එහිදී වැඩිදුරටත් අඳහස් දැක්වූ රාජ්‍ය අමත්‍යවරයා;

    මෙවර පාරලිමේන්තු මැතිවරණය අප කවුරුත් නොහිතන වෙනසක් සිදුවන මැතිවරණයක් බවට පත් වෙන බවට පෙරනිමිති ඇති වී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය දක්වා ජනාධිපතිවරණ අටක් තියා තිබෙනවා. නොවැම්බර් මැතිවරණය තෙක් මතයක් තිබුණා,සුළු දේශපාලන පක්ෂ කණ්ඩායම්වල ඡන්දය නොමැතිව ජයග්‍රහනය කිරීමට බැහැ කියලා. එය සම්පූර්ණ මිත්‍යාවක් බවට පරිවර්ථනය වෙලා, උතුරෙන් සියයට 10%කට අඩු ඡන්ද ප්‍රතිඵලයක් ලබගනිද්දී සෙසු ප්‍රදේශවල ගත් ඡන්ද සංඛ්‍යාවෙන් 51.25%ක් සමස්තයක් අරගෙන වැඩි ඡන්ද ලක්ෂ දහ තුන හමාරකින් ජනාධිපතිවරයා ලෙස පත් වුණා.

    මහමැතිවරණයේ දී මේ ප්‍රමාණය ඉහළ යනවා. බෙදීම නිස එජපය ගන්නා අඩුම ඡන්ද ප්‍රතිඵලය වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කෙටි කාලය තුළ ගත්ත ප්‍රතිපත්තිමය තීන්දු, උදාහරණයක් ලෙස රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන,උපාධිධරීන් හ ඩිප්ලෝමාධාරීන් 50,000ක් බඳවා ගැනීම,වැට් සහ බදු අඩු කිරීම තුළින් ව්‍යාපාරිකයන්ට ලබාදුන් සහනය, කිලෝ මීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධනය කිරීම ආරම්භ කිරීම, මිලියන 300 අඩු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන සහන, මේ තීන්දු සමඟ සියයට 51.25% වර්ධනය කරගන්න හැකි වී තිබෙනවා. ඒ නිසා ශක්තිමත් පාර්ලිමේන්තුවක් සකස් කිරීමට අවශ්‍ය පරිසරය, ජනපති,අගමැති ප්‍රමුඛ ආණ්ඩුව මඟින් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අරගෙන ඒ කටයුත්ත කරල තිබෙනවා යැයි අමාත්‍යවරය පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya