ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා නුවරඑළිය ප්‍රදේශයේ ඉඩම් හිමිකම් පත්‍ර බෙදාදීම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් වල ගැටළු ඇති, විවිධ ඉඩම් ආරවුල් ප්‍රශ්න ඇති ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා වූ
වැඩසටහනකට එක්වෙමිනි.
ඉඩම් හා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රදේශයේ මහා දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා හා එක් ව උත්සහ කරනු ලබන්නේ ජිවිතයේ පරම අයිතිය වන ජීවත්වීමට ඉඩමක් පිලිබඳ ගැටළු නිරාකරණය කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට බවත්, දීර්ඝ
කාලයක් පදිංචි ව සිටින එහෙත් ඉඩම් ඔප්පුව පමණක් නොමැති අනෙකුත් සියලු අවශ්‍යතා සපුරා ඇති විශාල පවුල් සංඛ්‍යාවක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිටින බවත්, මාර්තු මාසය ආරම්භ වීමට ප්‍රථම ඔප්පු හිමිකම් ලැබීය යුතු පවුල් 400 ක් පමණ සිටින බවත්, මේ වන විට එම පිරිසගේ ඔප්පු ලබා දීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරන බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා රැස්ව සිටි ප්‍රදේශයේ ජනතාව අමතමින් කියා සිටියේය.
එමෙන්ම, රජයේ ඉඩමක පදිංචිව සිටින පිරිස් සඳහා එම ඉඩමට බලපත්‍රයක් තිබෙන එහෙත් එම පදිංචිව සිටින ඉඩමේ මිනුම් කටයුතු තවමත් අවසන් නොමැති පවුල් සඳහා එම ඉඩම් වල මිනුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය නියෝග ලබා දී එම කටයුතු
කඩිනම් කිරීමට පියවර ගන්නා බවත්, එසේ බල පත්‍රවත් නොමැති අය සඳහා ද කඩිනමින් බලපත්‍ර හිමිකම් ලබා දීමට ද කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කරන ලදී.
ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටින පීරිස් සඳහා රජයේ අනිකුත් ආයතන වලට ගැටළුවක් නොවන ආකාරයෙන් හැකි ඉක්මණින් බලපත්‍රයක් මාර්ගයෙන් එම ඉඩම් සඳහා එම අනවසරයෙන් සිටින පිරිස සඳහා ද හිමිකමක් ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම, රජයේ ඉඩම් වල ව්‍යාපාර සිදු කරගෙන යන පුද්ගලයින්ට රජයේ ප්‍රතිපත්තියක් ලෙස සින්නක්කර ඔප්පු හිමි නොවන නමුත්, එම ප්‍රජාව සඳහා දීර්ඝ කාලීන බදු බලපත්‍රයක් මඟින් එම ව්‍යාපාර සිදු කරන ඉඩමේ අයිතිය ලබා දීමට කටයුතු සිදු කරන
බවත්, මේ සියල්ලට අමතරව තමා සන්තකයට ඉඩමක් ලබා ගැනීමට ඉල්ලීම් කර සිටින අඩු ආදායම්ලාභී අයවලුන් සඳහා ද ප්‍රාදේශීය ලේකම් හා දිසාපති හරහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ රජයේ ඉඩමක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන
බවට ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම, එදින නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එකී නොකී සියළු ඉඩම් ආරවුල් ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා තොරතුරු එක් රැස් කර ගැනීමක් ද සිදු විණි.
මෙම අවස්ථාව සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම සේවක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.