එමෙන්මෙමම අවස්තාව ප්‍රයෝජනයට අරගනිමින් යම් කණ්ඩායම් විසින් තම වාසිය උදෙසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කරන බවක් සමාජ මාධ්‍ය අඩවි තුළ විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය තුළ නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වී තිබේ.
පටු දේශපාලන වාසි තකා ඉස්මතුවන මෙවැනි වෛරී ප්‍රකාශන හා අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අඩවි වල හුවමාරු කරගැනීමට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දී සිටී.