මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් තොටුපල සංවර්ධනයේ දී සියලු පාර්ශවයන්ගේ අදහස් සැළකිල්ලට ගන්නවා - ඇමති ප්‍රසන්න රණතුංග

    පෙබරවාරි 12, 2020

    කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    ගුවන් තොටුපලේ ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස සැලකෙන ආගමන විගමන, රේගුව හා ගුවන් සේවා යන ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග වහාම සාකච්ඡා අරඹන ලෙසත් ඔවුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් ගුවන් තොටුපල සංවර්ධන කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසත් ඇමතිවරයා ගුවන් තොටුපළ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

    ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම උපදෙස් දුන්නේය. මසකට වරක් මෙම පාර්ශව හමු වී කටුනායක ගුවන් තොටුපලේ ක්‍රියාකාරීත්වය පිළිබද වාර්තාවක් ලබා ගන්නා ලෙසත් අදාල ගැටළු හදුනාගෙන ඔවුන්ගේම විසදුම් හරහා ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා මෙහි දී සභාපතිවරයාට උපදෙස් දුන්නේය.


    කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගී තදබදය මේ වන විට හැකිතාක් අවම කර ඇතැයි පෙන්වා දුන් ආගමන විගමන වෘත්තීය සමිති නියෝජිතයෝ ඇමතිවරයාගේ උපදෙස් පරිදි ආගමන විගමන කවුළු සංඛ්‍යාවද වැඩි කීරීමට පියවර ගත් බව කීහ.


    වෙනත් රටවල ගුවන් තොටුපලවල් වල ඇති ප්‍රමිතිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු මෙරට සෙසු ගුවන් තොටුපලවලද ඇති කිරීම සිය අරමුණ බව ඇමතිවරයා මෙහි දී අවධාරණය කළේය. දැනටමත් ඊට අදාළ වැඩ පිළිවෙල හදුනාගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya