මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    සපිරි ගමක් සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය සොයයි

    පෙබරවාරි 12, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සදහා වන රැස්වීමක් පසුගිය දා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2020 වැඩසටහ යටතේ දිව‍යිනේ පිහිටි 14,021 වන සියළුම ග්‍රාම නිළධාරී වසම් ආවරණය වන පරිදි වසමකට රුපියල් මිලියන 02 බැගින් රුපියල් මිලියන 28,042 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කෙර්.

    ඒ අනුව, ප්‍රාදේශිය දේශපාලන නියෝජිතයන්, ග්‍රාමීය ප්‍රජාමූල සංවිධාන නියෝජිතයින්, ග්‍රාමීය ප්‍රාජාව හා ප්‍රාදේශිය/ග්‍රාමීය රාජ්‍ය නිළධාරීගෙන් සැදුම්ලත් “ග්‍රාමීය ප්‍රජා කමිටු” මගින් හඳුනා ගත් සංවර්ධන ව්‍යාපෘති 37,872 මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ආරම්භකර ඇති බව මෙහිදි අනාවරණය විය.

    මෙම ව්‍යාපෘති අතර මාර්ග, පාලම්, බෝක්කු ඇතුළු ගමනාගමන සහසුකම් සංවර්ධන ව්‍යාපෘති, වාරිමාර්ග හා කෘෂි අංශයේ පහසුකම් වැඩිදියුණු කිරීම්, ග්‍රාමීය මට්ටමේ ආර්ථික මධ්‍යස්ථාන ඇති කිරීම, ප්‍රජා පානීය ජල සැපයුම්, ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන නවීකරණය හා පාසල් සඳහා විදුලිය, ජලය හා සනීපාරක්ෂක පහසුකම් ඇති කිරිම ආදී ව්‍යාපෘති ඇතුලත්ය.

    මෙම වැඩසටහන නව රජයේ ප්‍රමුඛතම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බැවින් විශේෂ අවධානයක් යොමුකරමින් මෙම ව්‍යාපෘති කඩිණමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් එස්.එච්.ඒ.එන්.ඩී. අබේරත්න මහත්මිය විශේෂයෙන් උපදෙස් දෙන ලදී.

    ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එච්. ඩබ්.ඒ. කුමාරසිරි, ව්‍යාපෘති කළමණාකරණ හා අධීක්ෂණ ‍ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයන්ති ද සිල්වා, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.ඩී.එල්. සිල්වා යන මහත්මමහත්මීන් ඇතුළු ජාතික අයවැය දෙපාර්තමේන්තුව, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිළධාරීන් සහ සියළුම දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් මේ සදහා සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya