මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    හෙද වෘත්තිකයින්ගේ පළමු පර්යේෂණ වැඩමුළුව පැවැත්වෙයි

    පෙබරවාරි 12, 2020

    සෞඛ්‍ය සේවයේ උන්නතිය උදෙසා නව පර්යේෂණ සහ නව අදහස් එක්කොට ප්‍රයෝගිකව ක්‍රියාවේ යෙදවීම මෙරට සෞඛ්‍ය සේවයේ වගකිමයි- විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්

    හෙද සහ වෛද්‍ය ක්ෂේත්‍රයන් තුළ පවතින දැනුම රටක් වශයෙන් තනි ව භුක්ති විදින දෙයක් නොවිය යුතු බවත්, දැනුම බෙදාගනිමින් රටට ගෞරවයක් ලබා දීමට සහ ගෞරවාන්විත සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, මෙම ක්ෂේත්‍රයෙන් ආර්ථික ලාභයන් ලබා ගැනීම පමණක් අරමුණු කර ගත යුතු නොවන බවත් සෞඛ්‍ය සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා විසින් කියා සිටී.

    ඒ මහතා මේ පිළිබඳව කියා සිටියේ මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙහෙය වන පළමු හෙද වෘත්තිකයින්ගේ පර්යේෂණ වැඩමුළුව සහ සහතික පාත්‍ර ප්‍රදානෝත්සවය වෝටර්ස් ඒජ් හෝටලයේ දී (11) ආරම්භ වූ අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි.

    නව අදහස් ඇති කරගැනීම මත මෙරට සෞඛ්‍ය සේවයේ වගකිම වන්නේ මෙම ඉදිරිපත් කරන නව පර්යේෂණ සහ නව අදහස් ගොනුකර ප්‍රයෝගික ව ක්‍රියාවේ යෙදවීමේ ඇති කාලෝචිත බවත්, මෙරට සෞඛ්‍ය සේවයේ උන්නතිය උදෙසා එකී නව අදහස් නිර්මාණ යොදා ගත යුතු බවත්, පර්යේෂණ වනාහි එක් රටකට එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පමණක් සිමා නොවන දෙයක් බවත්, වෛද්‍ය වෘත්තීය සුවකිරීමේ කලාව වසර 5000 ට පෙරාතුව නිර්මාණය වුවක් බවත්, එලෙස ආරම්භ වූ ගමනේ දී විවිධ ක්ෂේත්‍රයන් විවිධ පුද්ගලයින් දායක කරගනිමින් ඔවුන් සිදු කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට සෞඛ්‍ය සේවය බොහෝ ඉහළ තැනකට පැමිණ ඇති බවත් ඒ මහතා මෙහි දී සෞඛ්‍ය සේවයේ පර්යේෂණයන් සිදු කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙමින් කියා සිටියේය.


    පොදු අරමුණු උදෙසා පර්ය්ෂණයන් සිදු කිරීමේ දී ඊට අනිකුත් වෘත්තිකයින් හා සම්බන්ධ කරගනිමින් පර්යේෂණයන් සිදුකිරීමේ වැදගත්කම ද මෙහි දී ඒ මහතා විසින් පෙන්වා දෙන ලදී. ක්ෂේත්‍රයන් සියල්ල එකිනෙකට සම්බන්ධ වී පවතින හෙයින් එසේ කළ යුතු ව ඇති බවත් මෙහි දී ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

    මෙරට සහ ලෝකයේ යහපත උදෙසා මෙරට හෙද සහ වෛද්‍ය වෘත්තියේ ගමන් මාර්ගයේ නව වෙනසක් පවතින බවත්, එම වෙනස සංඛ්‍යාත්මක මෙන්ම ගුණාත්මක සංවර්ධනයක් ළඟා කර ගැනීමට අවධානය යොමු කර ගත යුතු බවත්, තම තමන්ගේ ක්ෂේත්‍රවල වෘත්තියේ ස්වභාවය නිවැරදි ව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් මෙහි දී ඒ මහතා කියා සිටියේය.

    එමෙන්ම, බ්‍රිතාන්‍ය රටවල් සඳහා ද සෞඛ්‍ය සේවය සඳහා මෙරට හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල පුහුණු කරවීමේ වැදගත් අවස්ථා උදා වී ඇති බවත් කියා සිටි ඒ මහතා ඒ සම්බන්ධ ව මේ දිනවල බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් මෙහි දී කියා සිටියේය. ඒ සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ඇති ව මෙම කටයුත්ත සාර්ථක කරගැනීම උදෙසා අවබෝධතා ගිවිසුමක් ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් මෙහි දී සඳහන් වීය.


    එය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතාමත් වැදගත් අවස්ථාවක් වැනි ඇති බව ද වැඩිදුරටත් කියා සිටි ඒ මහතා විවිධ කටයුතු සඳහා බංග්ලාදේශයෙහි සිටින හෙද වෘත්තිකයින් මෙරට තුළ දී මෙරට ක්‍රියාත්මක වන විශේෂ ක්‍රමවේදයන් භාවිතා කරමින් පුහුණුවක් සඳහා බංග්ලාදේශයෙහි සංවිධානයකින් සහ පෞද්ගලික සංවිධානයකින් මෙරටින් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත්, බංග්ලාදේශය, එම සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ අවබෝධතා ගිවිසුම් ප්‍රකාර ව එම කටයුත්ත සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවත් මෙහි දී ප්‍රකාශ කරන ලදී.


    මෙම වැඩමුළුව අවසානයේ දී සාර්ථක ව පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කළ නිළධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කරන ලද අතර මෙම පර්යේෂණ වැඩමුළුව සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) සමන්මලී, ඇතුළු හෙද සහ වෛද්‍ය සේවයේ විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya