මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    විභාග අයදුම්පත් මේ වසරේ සිට මාර්ගගත online ක්‍රමයට

    පෙබරවාරි 12, 2020

    අපොස සා.පෙළ, අපොස උ.පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වසරේ සිට මාර්ගගත online ක්‍රමයට අයදුම්පත් කැඳවීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එසේම සෑම දරුවෙකුටම ශිෂ්‍යත්ව විභාගයේ සිට අනන්‍ය වූ ශිෂ්‍ය අංකයක් ලබා දෙන අතර මෙම අංකය මගින් ශිෂ්‍යයාගේ විභාග පතිඵල මෙන්ම විෂයය බාහිර ක්‍රියාකාරකම් යනාදී තොරතුරුද පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබේ.

    තවද අපොස උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය,ජෛව පද්ධති තාක්ෂණවේදය,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය යන විෂයන් සඳහා වැඩසටහන් සම්පාදනය කල නොහැකි ගණක යන්ත්‍ර භාවිතා කිරීමට අවසර ලබා දීම කෙරෙහිද අවධානය යොමු කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.මෙමගින් ශිෂ්‍ය ප්‍රජාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවා අවස්ථාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඊ රාජ්‍ය සේවය ජනතාව අතර ප්‍රචලිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya