මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි කලාප දහය පුරා හරිත වන උයන් 75 ක්

    පෙබරවාරි 12, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ''හැදෙන රටට වැඩෙන ගසක්'' ජාතික වැඩසටහන බලාත්මක කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ මහවැලි කලාප දහය පුරා හරිත වන උයන් 75 ක් ආරම්භ කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවති.

    ඒ අනුව, මහවැලි එල් කලාපයේ හරිත උයන වැලිඔය ඇහැටුගස් වැව අශ්‍රිතව ඊයේ (11) මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. එහි දී රාජ්‍ය අමාත්‍යතුමන් පැළයක් රෝපණය කරමින් වන උයනේ ආරම්භය සනිටුහන් කෙරිණි.


    මෙම අවස්තාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යතුමන් සදහන් කළේ, ශ්‍රී ලංකාව තුළ වන ඝණත්වය 30% ක් දක්වා වැඩි කිරීමට අතිගරු ජනාධිපති තුමන් ගෙන යන උත්තම වැඩපිළිවෙළට උපරිම දායකත්වය ලබාදෙන බවයි.

    මෙහි දී ගම්වාසීන් උදෙසා පැළ බෙදා දීමත් සිදුකෙරුණු අතර පැළ රෝපණයට සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින්, ගම්වාසීන් සහ රාජ්‍ය නිළධාරින් ද පැළ රෝපණයට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya