මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    උසස් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුබද්ධව විශ්වවිද්‍යාල විද්‍යායතනයක්

    පෙබරවාරි 13, 2020

    උසස් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුබද්ධව විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන,තොරතුරු හා ජනමාධ්‍ය,තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම,ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට එක් වෙමින් ඇමැතිවරයා (12) මේ බව ප්‍රකාශ කර සිටියේය.
    මාධ්‍යවේදීන්ගේ කැමැත්ත අනුව මෙම විශ්ව විද්‍යාල විද්‍යායතනය කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඉදි කරන්නේ ද, කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඉදි කරන්නේ ද යන්න ඉදිරියේ දි තීරණය කරන්නේ යැයි ද ප්‍රකාශ කර සිටි ඇමැතිවරයා විසින් නූතන ලෝකයට ගැළපෙන පරිදි යහපත් මාධ්‍ය සංස්කෘතියක් මෙමඟින් බිහි කර ගත හැකි බවත් ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් සහතිකපත්,ඩිප්ලෝමා,උසස් ඩිප්ලෝමා ලෙස ඛාණ්ඩ තුනක් යටතේ ප්‍රදානය කිරීම් මෙමඟින් සිදු කරන බවත් පැවැසුවේය.
    මෙම විශ්ව විද්‍යාල විද්‍යායතනයෙන් එක් අවුරුදු පාඨමාලාවක් හදාරන්නන්ට සහතිකපත් ප්‍රදානයක් ද,අවුරුදු දෙකක් හදාරන්නන්ට ඩිප්ලෝමාවක් ද,අවුරුදු තුනක් හදාරන්නන්ට උසස් ඩිප්ලෝමාවක් ද ලබාදීමට තීරණය කර ඇත. එමෙන්ම මෙම විශ්ව විද්‍යාල විද්‍යායතනයෙන් උසස් අධ්‍යාපනය ලබාගන්නා මාධ්‍යවේදීන්ට උපාධිය,පශ්චාත් උපාධිය දක්වා ගමන් කිරීමේ හැකියාවක් පවතියි.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya