මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    චීන සංචාරකයින්ගේ යම් අඩුවීමක් තිබුණත් යුරෝපා ඇතුළු අනෙකුත් රටවල සංචරකයින් පැමිණෙයි

    පෙබරවාරි 13, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් චිනයෙන් පැමිණෙන සංචාරකයන්ගේ යම් අඩුවීමක් පැවතිය ද යුරෝපා රටවල් ඇතුළුව අනෙකුත් රටවලින් පැමිණෙන සංචාරකයිනගේ අඩුවීමක් නොමැති බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මධුභාෂිණි පෙරේරා මහත්මිය රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහත්මිය පැවසුවේ,මේ වසරේ ජනවාරි මාසයේ දී මුළු සංචාරකයින් පැමිණීම 2,28,434ක් වේ . එය 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව අඩුවීමක් බව පෙන්වා දුන්නාය. විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් චිනයට දැඩි බලපැමකට ලක් වි ඇති අතර ලංකාවට සංචාරකයින් ලෙසින් වැඩියෙන් ම පැමිණයේ චින ජාතිකයන්ය.මෙම අඩුවීමට එය බලපා තිබේ.

    2020 ජනවාරි මාසයේ චින ජාතිකයින් 22,360ක ප්‍රමාණයක් පැමිණ තිබේ. කොස් වුවද මේ වන විට ශ්‍රි ලංකා රජය චින ජාතිකයින්ට මෙරටට සංචාරය කිරිමට කිසිදු ලෙසකින් තහනමක් පමණවා නොමැත. එසේ වුවද මේ වන විට චිනයට වෙත පියාසර කරනා ගුවන් යානා අවම කර ඇති ඇතර චීනයේ සිට කිසිදු ගුවන් යානාව මේ වනවිට මෙරටට නොපැනෙන බවද මධුභාෂිණි පෙරේරා මහත්මිය සඳහන් කළාය.

    එසේ වුවද චිනයට අමතරව ඉන්දිය සංචාරකයින් මේ වසරේ ජනවාරියේ දි 41,448 ක් පැමිණ තිබේ. ඊට අමතරව යුරෝපීය සංචාරකයින් සුපුරුදු ලෙසින් ලංකාවේ සංචාරයෙ නියැලෙන බව මධුභාෂිණි පෙරේරා මහත්මිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya