තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් තොරතුරු හා ජනමාධ්‍ය,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් සැමරුම් උළෙල ආරම්භ වෙයි.
මෙහිදී ''දෙසතියේ ගමන් මඟ'' පිළිබඳ ප්‍රධන ආරාධිත දේශනය දෙසතිය සඟරාවේ නිර්මාතෘ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් සිදු කරනු ලබයි.
කාලීන දේශපාලන,ආගමික, සංස්කෘතික,අධ්‍යාපනින වශයෙන් සුවිශේෂී පුවත් විශේෂාංග රැසකින් පෝෂණය වී තිබෙන දෙසතිය සඟරාව ''සක්වල ඇතැඹුලක්'' සේ හඳුන්වා දෙන පුවත් සඟරාවකි.
මේ වනවිට ''දෙසතිය '' සඟරාව නව ගමන් මඟක් ආරම්භ කරමින් පාඨක ජාලය පුල් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ උපදේශකත්වය මත ''දෙසතිය පුවත් සඟරාව'' මෙලෙස නව ගමනක් ආරම්භ කර තිබේ.
මේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතය.