එම සභාව කල් තැබීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මේ අතර ශ්‍රි ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනු සම්බන්ධව මතුව ඇති කරුණු පිළිබදව සභාව කල් තැබීමේ විවාදයක් ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට ද ඊයේ (13) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබේ. එම විවාදය එදින පස්වරු 12.30 සිට පස්වරු 07.30 දක්වා පැවැත්වේ. මෙම සභාව කල්තැබීමේ
යෝජනාව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරනු ඇත. ගරු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්විය.