නවීන වෛද්‍ය උපකරණ සහ ඖෂධ ආනයනය කරන ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට සහභාගීවී සිටින අතර දේශීය හා විදේශීය ආයතන රැසක් ඒ අතර වේ.
මීට අමතරව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ 2020 වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය ද එහිදී පැවති අතර විශේෂ සමරු තිළිණ 2 ක්, පර්යේෂණ පත්‍රිකා සහ සමාලෝචන කමිටුවේ සභාපති මහාචාර්ය ගාමිණි අල්විස් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කමණි මාතොටආරච්චි යන මහත්ම මහත්මීන් වෙත අමාත්‍යවරයා අතින් පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය හේමන්ත බෙණරගම සහ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ ආයතනයේ රවී කුමුදේශ් මහතා ද සහභාගී වූහ.