සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම් ගත වීම පිළිබඳව ක්ෂණික ව දැනුම් දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කිරීම සඳහා නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී (13) පැවසීය.
මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරණ ස්ථිර සේවක සංඛ්‍යාව මිලියන 2.6 ක් පමණ වේ. දැනට පවතින ක්‍රමව්දය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායක මුදල් ගිණුම් ගත වී ඇති ද යන්න දන ගැනීම සඳහා මාස 6-12 ත් අතර කාලයක් ගත වේ.
ඒ නිසා ගැටළු රාශියක් පැන නැඟී තිබේ. එබැවින් සාමාජිකයා විසින් නම් කරනු ලබන ජංගම දුරකථන අංකයකට කෙටි පණිවිඩයක් මඟින් ඔහුගේ සේවක අර්ථසාධක ගිණුම් ශේෂය දැනුම් දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබූ බව ද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.