ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටතව යාම සඳහායි.
සති දෙකක කාලයක වෛද්‍ය අධීක්ෂණය යටතේ දියතලාව හමුදා කඳවුරේ ප්‍රතිකාර ලැබීය. මෙම පිරිසේ කිසිවෙකුට කොරෝන ආසාදනයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.
චීනයට බලපෑ කොරෝනා වෛරසය හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස චීනයේ වුහාන් නගරයේ කොටු වී සිටි අතර ඔවුන් සුරක්ෂිතව ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත් වී කටයුතු කළ අතර ඒ සඳහා චීන රජය සිය සහයෝගය ලබාදුන්නේ ය. එය චීන- ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවයෙන් විශ්වසනීය බැදීම පෙන්නුම් කරයි.
නිවාසවලට පිටත් කිරීමට නියමිතව සිටි පිරිස අද යුද හමුදා මූලස්ථානය වෙත පැමිණි අතර මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වී සිටියේ ය