මෙහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කරගත් අතර, ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කළ සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය ගෙන යන වැඩ පිළිවෙල ද අගය කළේය. මෙම සුහද හමුව අවසානයේදී දෙරටට මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.