රජයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම,ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සදහා තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවට එක් වෙමින් පසුගිය දා ඇමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දි මේ බව ප්‍රකාශ කළේය.
රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අනුව ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව පැවසූ ඇමතිවරයා, හෝමාගම තම මැතිවරණ බල ප්‍රදේශයේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අසල පිහිටි ඉඩමේ නිවාස පෙර රජයේ නිවාස ඇමැතිවරයාව සිටිය දී ගොඩනැඟූ නිවාස සංකීර්ණය නැවත පවතින රජයට පවරා ගැනීමට හැකි වුවහොත් සහන ණය ක්‍රමයක් යටතේ ජනමාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමට හැකි බව ද ඇමැතිවරයා පැවැසුවේය.
මෙම නිවාස සංකීර්ණයේ නිවාස 800 ක් පවතින අතර රුපියල් මිලියන 5 ක් වැනි අඩු මුදලක් යටතේ අලෙවි කිරීමට හැකි බවත්, මේ වන විට ප්‍රසිද්ධ වෙන්දේසියේ පෞද්ගලික සමාගමකට නිවාස සංකීර්ණය අලෙවි කිරීමට ලබා දී ඇති අතර එය රජයට පවරා ගැනීමට හැකි වුවහොත් මාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමට හැකි බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.