ලේකම්වරයාට මේ තොරතුරු හෙළි කර ඇත්තේ රාජ්‍ය බැංකුවක සභාපතිවරයකු විසිස්නි. තමා රාජ්‍ය සේවයේ නිරතව සිටි මුළු කාලය තුළම පෞද්ගලික උදව් ලබාගනු පිණිස කවර බැංකුවකට හෝ රාජ්‍ය ආයතනයකට හෝ කිසිදු බලපෑමක් කර නැති බවත් වෙනත් තැනැත්තෙකුට එසේ සහය වී නැති බවත් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා කියා සිටියි.
තමා දැනට දරණ ධූරයෙහි සේවය කිරීමේ දී ද එකී පිළිවෙතින් බැහැර නොවන බව ලේකම්වරයා සඳහන් කරයි. මෙසේ අයුතු වාසි ලැබීමට උත්සහ කරන පුද්ගලයින්ගේ බලපෑමට හසු නොවන ලෙස රාජ්‍ය බැංකුවලින් හා වෙනත් රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින ආචාර්ය ජයසුන්දර එබඳු බලපෑම් ඉල්ලීම් ඉටු කිරීමේ දී නොසුදුසුකමක් සේ සළකන ලෙස ද දැනුම් දෙයි. මෙබඳු අවස්ථා පොලීසියට දැනුම් දෙන්නැයි ද ලේකම්වරයා කියා සිටී.