ඒ අනුව, 2020 සැමරුම් මුද්දරය නිකුත් කිරීම 2020.02.20 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, ඩි.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මුලස්ඨාන පරිශ්‍රයේ දී නිකුත් කෙරෙනු ඇත.
මෙම මුද්දරය නිකුත් කිරීමට සමගාමී ව සිරිලක ගී කේත පෝෂණය කළ අසහාය ගයක අල්හාජ් මොහිදීන් බෙග් මහතා වෙනුවෙන් සැමරුම් මුද්දරයක් ඩ එදින නිකුත් කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම, මෙම වැඩසටහන් සියල්ලට සමගාමී ව 2020 වසරේ ප්‍රථම කොළඹ, මුද්දර දැක්ම සහ ප්‍රදර්ශනය පෙබරවාරි 20 සිට 23 දා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා තැපැල් මුලස්ථානයේ දී පැවැත්වේ. දෙස් විදෙස් මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා, කාසි හා නෝට්ටු, ආදී බොහෝ දෑ දැක බලාගැනීමට මෙන්ම මිල දී ගැනීමට ද මුද්දර ලෝලීන්ට අවස්ථාව උදාවේ.