පසුගිය දා වනජීවි නිලධාරිනි තම රාජකාරිය අකුරට ඉටු කිරිම සම්බන්ධයෙන්, අදහස් දැක් වු ඇමතිවරයා පැවසුවේ ජනාධිපතිවරයා හා රජය එම නිලධාරිනිය සමඟ සිටින බවයි. රජයේ අභිවෘද්ධිය පිණිස පුද්ගලික ප්‍රතිලාභයක් ගැන නොතකා ජාතියේ යහපතා තකා ඕනෑම තීන්දුවක්,තීරණයක්,නීතියට අනුව ගන්නා සියලු නිලධාරීන් ආරක්ෂා කරන බවට රජය පොරොන්දු වෙලා තියෙනවා.
දේශිය හා විදේශිය වශයෙන් රටට අහිතකර ගිවිසුම් පසුගිය රජය විසින් සිදු කර ඇති බවත්,මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවල දී පැහැදිලි ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති කොමිසමේ නඩු පවරා ඇති කිසිදු නඩුවකට තමන් මැදිහත් නොවන බවය'' යැයි ද අමාත්‍යවරයා පවසා සිටියේ ය