මෙහිදි රස පර්ක්ෂණ වාර්තාවන් ප්‍රමාද වීම හේතුවෙන් රැදවියන් බන්ධනාගර ගත වි ඇති බවත්,ඊට කඩිනමින් උපක්‍රම යෙදිය යුතු බවත් ඇමතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
විවිධ හේතුන් මත අධිකරණය මඟින් ඇප ලබා නොදීම,ඇප ලබා දුන්න ද ඇප කොන්දේසිවල ඇති දැඩි භාවය හේතුවෙන් ඇප තබා ගැනීමට නොහැකි සැකකරුවන්,එස පරික්ෂණ වාර්තා ප්‍රමාද වීම,පොලිස් අවසන් නොවීම නිසා ඇප ලබා දීමට පොලිසිය විරුද්ධ විම යනා දිය කරුණු ඊට හේතු වි තිබේ.
මහෙස්ත්‍රාත් අධිකරණයන්හි ඇති තද බදය යම් ප්‍රමාණයකින් අවම කිරීම සදහා දැනට කම්කරු ආඥා පනත යටතේ මුදල් අය කර ගැනීම සදහා කරනු ලබන ඉල්ලීම් පෙර පරිදිම කම්කරු විනිශ්චය සභාවන්ට යොමු කිරීම සුදුසු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.කම්කරු විනිශ්චයකාරවරුන් 35 දෙනෙක් ඇති බවත් එම අධිකරණයන්හි තදබදයක් නොමැති හෙයින් මීට පෙර මෙවැනි නඩුකරයන් විසදීම ඔවුන්ට ලබා දුන් බලතල නැවත ලබාදීම පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.
දරුණු අපරාධකරුවන් පාතාල කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින් හා මහා පරිමාණයේ ජාවාරම්කරුවන් විවිධ බන්ධනාගාරවලට මාරු කිරීම නඩු සදහා තැනින් තැනට ගෙන යාම ඔවුන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නඩු විභාගයට නොගෙන කැදවීමේ දිනයන් හිදී විනිශ්චයකාරවරයෙකු බන්ධනාගාරයට ගොස් එම නඩු කටයුතු කිරීමත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුකරයන් සදහා දින ලබාදීමත් ප්‍රායෝගික බව පෙන්වා දුන්නේය.
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පිළිබදව අධිකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ ආයතනය හරහා දියත් කරන ලෙසත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රජා විශෝදන ක්‍රියාවලිය පිළිබදව රජයේ නිලධාරීන් හා මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කරන ලෙසත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදීම සිදු කළේය.
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජයනාත් තෙන්නකෝන් ,යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ,නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ සේවා කොමිෂන් සභාව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රජාපාදක විශෝදන දෙපාර්තමේන්තුව, විනිසුරු පුහුණු ආයතනය ,බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.