මෙම අවස්ථාව ගරු පරිසර හා වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා පරිසර හා වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රිකා රූපසිංහ මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානයන්වල සහයෝගයෙන් පානදුර සිට බේරුවල දක්වා සිදු කෙරෙන මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ වාද්දූව දුම්රිය ස්ථානය,වස්කඩුව හෝටලය, කළුතර දුම්රිය ස්ථානය හා බේරුවල මරදාන පාර යන ස්ථාන ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීම සඳහා තෝරා ගෙන ඇත.
පානදුර වෙරළ උද්‍යානයේ දී පැළ සිටුවීම, විවිධ කලාපයන්ට වෙන් කළ වෙරළ තීර පිරිසිදු කිරීමේ වගකීම හා සුපරීක්ෂණය කළුතර දිස්ත්‍රික් සංචාරක සංගමය හා හෝටල් හිමිකරුවන් වෙත භාර දීම, කසල එකතු කිරීමේ හා වෙන් කිරීමේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම, වෙරළ තීරයේ රෝපණය කිරීම සඳහා පැළ බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, අධ්‍යක්ෂ එච්. ගාමිණී හේවගේ, කළුතර සහකාර දිස්ත්‍රික් ලේකම් ඩී.ඒ.එන්. දිල්රුක්ෂි, කළුතර ප්‍රාදේශීය ලේකම් සිසිර සේනාධීර යන මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගි වූහ.