ඒ මහතා මෙසේ පැවසුවේ, පසුගිය දා බන්ධනාගාරයේ වර්ණ ආලේපකිරීම, අළුත් වැඩියාව සහ වහළ සෙවිලි කිරිම් සදහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර සදහා එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා, බන්ධනාගරය තුළ රැදවියන් සඳහා වෘත්තීමය පුහුණුවක් හා ජාත්‍යන්තර භාෂාවන් පිළිබඳව අධ්‍යාපනයක් ලබා දී රැදවියන් විදෙස්ගත රැකියාවන් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවය.
එසේම බන්ධනාගරවල සිටින රැදවියන්ගේ පවුල්වල සුබ සාධනයන් පිළිබඳව සොයා බැලිය යුතු බව ද තරුණ පිරිස් විශාල වශයෙන් මත් ද්‍රව්‍ය සඳහා යොමු වන හෙයින් ඒ සඳහා දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් මෙන් ම සමාජ කථිකාවක් අවශ්‍ය බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
එසේම,පසුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබදව වූ නඩු වැඩි වී ඇති බවත් මෙය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බවත් පැවසූ අමාත්‍යවරයා, .එසේම රැදවියන්ගේ වැරදි පමණක් ම නොව සමාජය තුළ පවතින වැරදි නිසාත් බන්ධනාගාර ගත වී ඇති බවත් ඒ නිසා රැදවියන් දෙස මානුෂිකත්වයෙන් බැලිය යුතු බවත් පැවසීය.