අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද දින 17 පෙරවරුවේ තිස්සමහාරාම රාජපක්ෂ මාවත හරහා අගුණකොළවැව දක්වා ධාවනය කිරීමට නව ලංගම බස් රථයක් යෙදවීමේ අවස්ථාවට සහභාගි වෙමිනි
අප රටේ නගරාසන්න මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමට නම් රජයේ පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කළ යුතු හෙයින් වත්මන් රජය ඊට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව පැවසූ හෙතෙම, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා මෙම වසරේ බස් රථ 500ක් රජය විසින් දැනටමත් ඇණවුම් කර තිබෙන බවයි. රජයක් විසින් මේ තරම් විශාල බස් රථ ප්‍රමාණයක් එක්වර මිල දී ගන්නා පළමු අවස්ථාව ද මෙය වේ. එමෙන්ම ලොරි චැසියට බස් බොඩි ගැසූ බස් රථ මහජන ප්‍රවාහන සේවාවට එකතු කරන අවසන් අවස්ථාව ද මෙය වේ.
ඊට අමතරව නාගරික ප්‍රදේශවල ධාවනය කිරීමමෙම වසර තුළ පහත් පතුල් සහිත බස් රථ Low Floor Busses 2000ක් මිල දී ගැනීමට ද රජය තීරණය කර තිබේ. එක්වර විශාල පිරිසකට ගමන් කළ හැකි සැප පහසු එම බස් රථ ඉදිරියේ දී දිවයිනේ සියලුම මාර්ගවල ධාවනය සඳහා යෙදවීමට නියමිතය. මින් පසු ලංගම මෙන්ම පුද්ගලික අංශය මගින් ද මෙරටට ආනයනය කළ හැක්කේ එම බස් රථ පමණි. ලොරි චැස්වලට බස් බොඩි ගැසූ බස් රථ ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම දුම්රිය මාර්ග සංවර්ධනය තුළින් කාර්යක්ෂම දුම්රිය සේවාවක් ස්ථාපිත කිරීමද රජයේ අපේක්ෂාව බව පැවසු ඇමතිවරයා,ඒ සඳහා රජය විසින් වැඩ පිළිවෙළ රැසක් යෝජනා කර තිබෙන බව ද කීය.