අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහා නායක අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි සමඟ එක්ව 1958 දී මහරගම සිරි වජිරඥාණ භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා පුරෝගාමී වූ ශ්‍රී රාහුල නාහිමියෝ මහරගම ධම්මසිරි, ගංගොඩවිල සෝම, ත්‍රීකුණාමලයේ ආනන්ද වැනි මහතෙරණුන් වහන්සේලා රැසකගේ ගුරුවරයා වූහ.
අපවත්වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ශ්‍රී දේහය 2020.02.19 වැනිදා (බදාදා) දක්වා මහරගම ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර, ශ්‍රී දේහය 2020.02.19 වැනිදා බම්බලපිටිය වජිරාමයට වැඩම කරවනු ඇත. අදාහන පූජෝත්සවය පෙබරවාරි 20 වැනිදා සිදුකෙරේ.