මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 250 ක්

    පෙබරවාරි 18, 2020

    උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීම සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබා දෙයි.

    මෙම මධ්‍යස්ථානය යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය ඉන්කියුබේටර්/ඇක්සලරේටර් /සමූහ වැඩ අවකාශ සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල එකගතාව පළව තිබේ. මෙමගින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ, ව්‍යාපාර හා දැනුම පාදක කර ගත් ක්‍රියාවලි කළමණාකරණය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන, කෘෂි තාක්ෂණය, ආහාර තාක්ෂණය, ජෛව තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි නියුතු අංකුර හා නව ව්‍යවසායකයන් සදහා සේවා සැපයීමට අපේක්ෂිතය.

    එමෙන් ම අපනයන වෙළදපොලේ වැඩි අවධානය යොමු වු තොරතුරු තාක්ෂණ මෘදුකාංග සංවර්ධනය, ව්‍යාපාර හා දැනුම පාදක කර ගත් ක්‍රියාවලි කළමණාකරණය වැනි තොරතුරු තාක්ෂණය සදහා යොදා ගනු ලබන ක්ෂේත්‍රයන් හි දැනුම පාදක කර ගත් සේවා ආයතන (Knowledge Service Entities) සදහා කාර්යාල පහසුකම් සැපයීමට ද අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

    මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානයේ වැඩ ඒකක(Work Stations) 400 ක් ස්ථාපනය කිරීමට නියමිතය. දැනට උතුරේ අංකුර හා නව ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් ඉන්කියුබේටර්/ ඇක්සලරේටර්/ සමුහ වැඩ අවකාශ ක්‍රියාත්මක කරනුයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් 05 දෙනෙකු පමණි.
    නව මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමත් සමගම අපේක්ෂිත ප්‍රතිලාභ කඩිනමින් උතුරේ ජනතාවට ලබා දීමට හැකි වනු ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya