මෙම දැවන්ත කාර්යය භාරය යටතේ මහවැලි බී කලාපය තුළ කිලෝමීටර 254 ක් ආවරණය වන පරිදි අලි වැට 14 ක් වැලිකන්ද හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික කරගනිමින් ඉදිකෙරෙනු ලැබේ.
මහවැලි සී කලාපය තුළ අලි වැට 4 ක් ඉදිකෙරෙන අතර මහවැලි බී කලාපයේ හා සී කලාපයේ අලිවැටවල් සම්පූර්ණ කළ පසු දැනට හදුනාගෙන ඇති අභ්‍යන්තර වන රොදවල ගාල් වී සිටින දිඹුලාගල ප්‍රදේශයේ 55 ක් හා වැලිකන්ද ප්‍රදේශයේ 40 ක් පමණවූ වන අලින්ව වන ජීවි නිළධාරින්, ගුවන් හා පාබල හමුදාවන්ගේ සහායෙන් අලි වැටෙන් පිටතට එළවා දැමීමට ද සියළු සැළසුම් සිදුකොට ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේ දී අලිවැට ප්‍රතිසංස්කරණ කටයුතු සදහා තම ශ්‍රම දායකත්වය ද නොපැකිළි ව ලබා දෙන ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩකරන රටක් හදන තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ දී සඳහන් කළ පරිදි අලි මිනිස් ගැටුමට පැහැදිළි විසඳුමක් ලබා දීම අරමුණු කරගනිමින් අළුතින් විදුලි වැටවල් ඉදිකිරීම, ජීව වැටවල් ඉදිකිරීම සහ වෙනත් ජෛවීය ක්‍රම අනුගමනය කිරීමට සැළසුම් සකසා ඇති බවත්, පවත්නා අලිවැට පිළිසකර කර කඩිනම් පියවරක් ලෙස නව ඉදිකිරීම් පිළිබඳ ව විමර්ශනය කරනු ලබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහි දී තම අදහස් දක්වමින් කියා සිටියේය.
එමෙන්ම, ඉදිරියේ දී අලිමංකඩවල් ඇහිරෙන ආකාරයෙන් සිදු කොට ඇති සියළු ඉදිකිරීම් ඉවත්කොට අලිමංකඩවල් නිදහස් කර පවත්නා අලිමිනිස් ගැටුමට ස්ථිරසාර විසදුමක් ලබා දීමටත් සැළසුම් සකස් කොට අවසන් බවත්, රජයක් ලෙස මෙරට වන අලි සම්පතත් ආරක්ෂා කරගනිමින් මිනිස්සුන්ගෙ දේපොළ වලට හා වගාබිම් වලට වන හානිය අවම කිරීමටත් කටයුතු කරන බව ද මෙහි දී අරාජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.