පෞද්ගලික සමාගමක් හුණුගල් ලබා ගැනීම සඳහා සිදු කරන කැනීම්වලදී ඉවත් කරන රතු පස් තට්ටුවෙහි ටයිටේනියම් ඇතුළු වටිනා ඛනිජ තිබෙන බව තමන් වෙත වාර්තා වී තිබුණු බවත් ඒ පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමට එහි පැමිණි බවත් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
මේ වන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම රතු පසෙහි අඩංගු ඛනිජ පිළිබඳ පර්යේෂණ සිදු කරන බවත් පැවසූ අමාත්‍යවරයා දැනට සිමෙන්ති නිෂ්පාදනයෙහි නිරත නොවන ලංකා සිමෙන්ති සංස්ථාව ඉදිරියේදී ඒම කාර්යෙහි නිරත කරවීමේදී මතුවන ගැටළු විමසා බැලීම ද තම නිරීක්ෂණ චාරිකාවෙහි තවත් අරමුණක් වූ බවත් සඳහන් සඳහන් කළේය.