අන්තර් පළාත් සභා විෂය සම්බන්ධිකරණ කමිටු සම්මේලනයට සහභාගී වෙමින් එස්. හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය. මෙම සම්මේලනයේදී පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ඒවට විසඳුම් නිර්දේශ කිරීමද සිදුවිය.
සෞභාග්‍යයේ දැක්ම පත පදනම්ව සියලු සංවර්ධන ව්‍යාපෘතීන් පෙලගැස්විය යුතු බවත් මේ වන විට වැඩ නිම කොට ඇති සංවර්ධන ව්‍යාපෘතීන් තිබේ නම් ඒවා පිළුණු වෙන තෙක් නොයිද ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘත කිරීම් කිරීමට පියවර ගතයුතු බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පැවසීය.
මාර්තු වන විට උපාධිධාරීන් 50000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත තිබෙන බවත්, මේ අය වසරක පුහුණුවෙන් පසුව ස්ථිර සේවයට බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත්, හෙට්ටිආරච්චි මහතා මෙහිදී පැවසීය.
දිවයිනේ පාසල් බොහොමයක ගුරු හිඟයක් පවතින බවත් මේ ප්‍රශ්නයට විසඳුම් දීමට මෙම ගුරුවරුන් බඳවා ගැනීම තුළින් විසඳුම් දීමට හැකි බවද ලේකම්වරයා පැවසීය.