මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව හා මුදල් පනත් කෙටුම්පත් 03ක් රජයේ මුදල් කාරක සභාවට

    පෙබරවාරි 18, 2020

    රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළයෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත.

    එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු එම යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදය සදහා ඉදිරිපත් කරනු ඇත.අදාළ විවාදය පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ.

    මෙයට අමතරව ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන කෙටුම්පත ,ආර්ථික සේවා ගාස්තු සංශෝධන කෙටුම්පත සහ වරය හා ගුවන්තොටපළ බදු සංශෝධන කෙටුම්පත සහ පනත් කෙටුම්පත් 03ක්ද හෙට පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇත.එම කෙටුම්පත් ද කාරක සභාවේ අනුමැතියෙන් පසු ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

    මේ අතර මහ බැංකු බැදුම්කර පිළිබද වෝහාරික විගණන වාර්තාට අදාළ මහ බැංකුව ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණද කාරක සභාවේ සාකච්ඡාවට ලක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya