පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් පසුගිය දා සිදු කළ ප්‍රකාශය හා හඩපට සභාගත කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කරමින් කතානායකවරයාගේ නිවේදනයක් ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.
හඩට කීයක් සභාගත කරන බවත් එසේ සිදු කර නැති බවත් එය ඉතා පැහැදිළිව දක්වා තිබූ බවත් ඉන් පසුව දුරකතන හඬපට සහිත හඩපට කීපයක් ජනවාරි 27 දින දුරකතන සංවාද 19ක් සහිත හඬපටයක් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.
මේ හඬපට ඇසීමට ඉදිරිපත් කරන මන්ත්‍රීවරු ඉල්ලීමක් කළා. මේ පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කළා. එහි එකඟතාවය මත අදාළ හඬපටයේ අන්තර්ගත කරුණු සංස්කරණයෙන් පසු එය මන්ත්‍රීවරුන්ට සවන් දීමට සැලසීම සුදුසු යැයි අඳහස් කරන ලදී. එම හඬපට සවන් දීම සඳහා සිව් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරන ලදී. පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛන සම්බන්ධයෙන් මෙම සභාව විසින් පිළිගත් සම්ප්‍රදායන් හා කාර්ය පටිපාටියක් ඇත. කිසියම් ලේඛනයක් එලෙස සභාගත කරනු ලබන්නේ,මූලාශනයේ අවසරය,හා අනුමැතිය ලබාදෙන්නේ නම් පමණි. එසේම සභාගත කරනු ලබන ලේඛනය මන්ත්‍රීවරයකු කරනු ලබන කතාවට ඇතුළත් වී තිබිය යුතුය. එම ලේඛන කතාව අවසන් වූ වහාම සභා මේසය මත තැබිය යුතුය. එවැනි සභාගත කළ දෙයක් නැවත සංස්කරණය කිරීම පිළිගත් සම්ප්‍රදායක් නොවේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ බලවත් ඉල්ලීම මත සහ පක්ෂ නායක රැස්වීමේ එකඟතාවය පරිදි මෙම හඬපට සංස්කරණය
කිරීමෙන් අනතුරුව මුදා හරීමට සුදුසු බව කියා සිටි අතර මේ තීරණය මතු දිනෙක පූර්වාදර්ශනයක් නොවන බව ද තරයේ අවධාරණය කරනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල මඟින් මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති භාෂණයේ නිදහස ඔවුන් විසින් වගකීමෙන් යුක්තව මෙම ගරු සභාවේ කීර්තිය හා ගෞරවය සුරක්ෂිත වන ආකාරයෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වස කරමි. ආනාගතයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලේඛන සභාගත කිරීමේ දී මවිසින් ඉහත සඳහන් කර ඇති පරිදි නිසි පරිදි ඉටු නොකරන්නේ නම් එබඳු අවස්ථවක එසේ සභාගත කරනු ලබන ලේඛන ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු බව දන්වනු කැමැත්තෙමි යැයි ද කතානායකවරයා සිය නිවේදනය ඉදිරිපත් කරමින් සඳහන් කළේ ය
එහිදී නැඟී සිටි අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සංස්කරණය කළ හඳපට මොනවදැයි විමස සිටියේ ය. මෙහි කිසිදු දේශපාලනයක් නොමැති බවක් භාෂණයේ තත්ත්වය නිසා සංස්කරණය සිදු කළ බව කතානායකවරයා සඳහන් කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදස රාජපක්ෂ මහතා මහතා රීති ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ, හඬපට වල තිබෙන කරුණුවලට පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල යටතේ වරප්‍රසාද ලැබෙන්නේ කෙසේදැයි විමස සිටියේ ය. කිසිම ප්‍රතිපාදනයක් නෑ. මෙය ලේඛනයක් ලෙස සළකන්න බෑ. කිසිදු ප්‍රයෝජනයක් සමාජයට ලැබෙන්නේ නෑ. එහිදී කතානයකවරය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවත් එය පූර්වාදර්ශයක් කර ගත යුතු නැති බවත් ය.
මෙම පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂ කිරීමට වගකීමක් තිබෙනවා. නගාතයේ දී අසභ්‍ය ප්‍රකාශ බෙද හරිමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට බලපෑමක් වෙන්නේ. බහුතරය විරුද්ධ නම් එය නිකුත් කිරීමෙන් වළකින්න පුළුවන් බවද කතානායකවරයා සඳහන් කර සිටියේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, පක්ෂ නායකවරුන් හඬපට සභාගත කිරීමට එකඟ නොවූ බව සඳහන් කළේ ය. එහි අන්තර්ගතය තුළින් හැම පාර්ශවයක් ම නියෝජනය කරන පාර්ලිමේන්තුවට,උත්තරීතර පාර්ලිමේන්තුවට,ප්‍රජාතන්ත්‍රවාදයට හානි වන නිසයි සංස්කරණයක් ගැන කතා කළේ, ඉන් සිදුවන අගතිය වළක්වාගන්නයි පක්ෂ නායකවරු කතා කළේ. පක්ෂ නායකවරු එකඟ වුණේ නෑ හඬපට සභාගත කරන්න.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, සභාව එකඟ නොවන දෙයක් සභාගත නොකර සිටීම කළ යුතු යැයි ද පක්ෂ නායකවරු ඊට එකඟ නොවූ බවත් සඳහන් කළේ ය. සභාව එකඟ නැත්නම් එය අපට නවතා දැමිය හැකි බව එහිදී කතානායකවරයා සඳහන් කර සිටියේ ය.