මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු සහ දෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට - ආයතන ඇගයීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 18, 2020

    අට වැනි වාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු සහ දෙවැනි වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    රජයේ ආයතන, 844ක මූල්‍ය පාලනය හා කාර්ය සාධනය පරිගණක තොරතුරු කළමනාකරණ පද්ධතිය මඟින් 2018 මුදල් වර්ෂය සඳහා මෙම වාර්තාව මඟින් යොමු කොට තිබේ.

    ලබන 28 වැනිදා 2018 වර්ෂයට අදාළ ආයතන ඇගයීමේ වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා .මේ වාර්තා දවසකින් දෙකකින් හදන ඒවා නොවේ. මේ වාර්තා පිළිබඳව විවාදයක් ගැනීමක් සිදුවන්නේ නෑ. අවධනය යොමු කරනවා මේ වාර්තා පිළිබඳව, රටේ දියුණුව සඳහා නිර්දේශයන් ඉදිරිපත් කර තිබෙනවා මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස වාර්තා ඉදිරිපත් කරමින් කාරක සභාවේ සභාපති මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ය.

    එමෙන් ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව එහි සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya