ඉන්ධන මිල ලෝක වෙළඳපොලේ අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන්නේ දැයි විමසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජිවන වියදම් සළකා බලා ඉන්ධන මිල සංශෝධන කිරීම සිදු කර නැත. නව කොරෝනා වෛරසය නිසා ලෝක වෙළඳපොළ තුළ තාවකාලික මිල අඩුවීමක් සිදු වුවත් නැවත වැඩිවීමේ ප්‍රවණතාවය්ක් පෙබරවාරි දෙවන සතියේ සිට පෙන්නුම් කෙරේ ඒ අනුව තාවකාලික අඩුවීමක් තුළ ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරය පැවසීය.
දැනටමත් රජය විසින් ඩීසල් හා භූමි තෙල් සඳහා සහනාධාරයක් ලබාදෙයි. ඉන්ධන මිල ඉහළ යෑමේ දී ද මිල සංශෝධනයක් නොකළ බැවින් ඉන්ධන මිල සංශෝධනයක අවශ්‍යතාවයක් දැනට පැන නොනගී.
ලෝක වෙළඳපොළේ මිල ගනන් අනුව දේශීය වෙලඳපොළේ,මිල ගනන් ද සංශෝධනය කරමින් එහි වසිය ජනතාව වෙත ලබාදීමට රජය සැම විටම අපේක්ෂා කරයි.
කොරෝනා වෛරසය සමඟ ඇති වූ තත්ත්වය මත ඉන්ධන මිල අඩු වුවද ඉදිරියේ දී නව රවණතාවන් තවදුරටත් අධ්‍යනය කර දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට අපේක්ෂ කෙරේ. ජනවරි මාසයෙත් ඉන්ධන මිල වැඩි කිරීම කළ යුතුව තිබුණා, සම්පූර්ණ පාඩුව රජය විසින් දරා ගත්තා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණා නම් තිබුණ මිලට වඩා ඉහළ මිලකට ඉන්ධන ලබා දෙන්න සිදුවන්නේ.පාඩු තබාගෙනයි පසුගිය මාසයේ ඉන්ධන ලබදුන්නේ. පසුගිය රජය කාලයේ ඉන්ධන මිල සූත්‍රය ආදී ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසා ඇති වූ ණය ප්‍රමාණය බිලියන 592ක් පමණ තිබෙනවා. ස්ථවර මිලකට පවත්වගෙන යෑම නිසා බිලියන 12ක පමණ වාසියක් රටේ ජනතාවට ලබා දුන්නා. රජය බලාපොරොත්තු වන්නේ නෑ, සෑම මාසයකම ඉන්ධන මිල සංශෝධනය කිරීම තුළින් ජනතාව අසීරුතාවයට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.