මේ වන විට වී මිල දී ගැනිමේ ක්‍රියාවලිය සාර්ථක ව සිදු වන බව පැවසු ඇමතිවරයා, මුලතිව් දිස්රිත්තයෙන් මේට්‍රික් ටොන් 776ක්,කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් මේට්‍රික් ටොන් 456ක්,ගම්පහ දිස්ත්‍රිකක්යෙන් මේට්‍රික් ටොන් 1.9ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් මේට්‍රික් ටොන් 69.3ක්,යාපනය දිස්ත්‍රික්කයේ 21.3ක්,අනුරධපුරය දිස්ත්‍රික්කයෙන් 56.4ක්,වවුනියාව දිස්ත්‍රික්කයෙන් මේට්‍රික් ටොන් 297.4ක්,මන්නාරම දිස්ත්‍රික්කයෙන් මේට්‍රික් ටොන් 782.8ක්,අම්පාර දිස්ත්‍රික්කයෙන් මේට්‍රික් ටොන් 809.2ක්,මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 1878.2ක්,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මේට්‍රික් ටොන් 8.8ක් ලෙසින් මිලදි ගත් මුළු වී ප්‍රමාණය මේට්‍රික් ටොන් 5217 මිල දී ගෙන තිබේ.
එසේ ම වන්නි දිස්ත්‍රික්කයේ වී නෙළීම මේ වන විට ආරම්භ වි ඇතැයි ඇමතිවරයා පැවසීය. එසේම මෙම වී මිල දී ගැනීම සඳහා හමුදා සහාය ද ලැබෙන බව ද වී ගොවියාට තමන්ට කැමැති ඕනෑම ප්‍රමාණයක් විකිණීමත් එය රජය විසින් මිල දී ගැනීමටත්,අවස්ථාව සලසා තිබේ.
ඉදිරියේ දී වී මිලෙහි හා සහල් මිලෙහි ස්ථාවර භාවයක් ඇතිවිමට ඉඩ ඇතැයි පැවසු අමාත්‍ය ලක්ෂ්මන් අබේවර්ධන මහතා, විශේෂයෙන් ස්ථාවර මිලකට වී මිල දී ගැනීමත් ඒ හේතුවෙන් පෞද්ගලික අංශ තරඟකාරි මිලකට වී මිල දී ගැනීම පෙළඹවීම නිසා වී ගොවියා සහනයක් ලැබෙන බව ද එසේම සහල් මිල ද රුපියල් 100ට වඩා අඩු වනු ඇතැයි තමා විස්වාස කරන බව ද අමාත්‍යවරයා පැවසීය.