ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යයාලයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
ප්‍රධාන ධාරාවන් දෙකක් සහ එම ධාරාවන්ට සහය දෙන අනිකුත් පක්ෂ වල සියලුම දෙනාමත් ප්‍රගතිශීලි කඳවුරක් ලෙස එකට එක් වීම ඉතාමත් සුභදායක දෙයක් බවත්, වත්මන් ජනාධිපතිවරයාගේ පසුපස තිබුණු දේශපාන ගතිකභාවය වැඩි කර ලීමට මෙම සන්ධානය ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, නව මතවාදයක් නිර්මාණය කරන්නට මෙන්ම මෙරට ආර්ථිකය හසුරුවන දිශානතිය පිළිබඳව ද පැහැඳිලි ව එකඟතාවයක් ඇති කර ගැනීමට ද මෙමඟින් හැකි වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම නව සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව ලකුණ භාවිතා වන බවත්, එම සළකුණ ජනතාව අතර ඉතාමත් ප්‍රචලිත ව ඇති ලකුණක් බවත් මෙහි දී කියා සිටි අතර වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි නායකයා වශයෙන් සිටින බවත්, එහි ලේකම් වරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා වන බවත් පැවසූ ඒ මහතා එහි සභාපතිත්වය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් ව ඇති බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.
දේශපාලනයේ ස්වභාවය තේරුම්ගෙන, මෙම නව සන්ධාන ගත වීම මත රට වෙනුවෙන් කළ යුතු දෑ වෙනුවෙන් සියලු වාමාංශික මත දරණ සියල්ලන්ව එකම තලයකට ගෙන ඒම මෙහි මූලික වැදගත් කාර්යයක් බව සඳහන් කළ ඒ මහතා පසුගිය කාලවල සිදු වූ යම් යම් සිද්ධීන් නිසා මෙරට ආර්ථිකය කඩාවැටී ඇති මෙවන් මොහොතක දී, රටක් වශයෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට ගොඩනැඟීම සඳහා සිදු කරන ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිමත්භාවය ලබා දීම මෙහි අපේක්ෂාව බවත්, එකී සන්ධාන ගත වීම පුද්ගලයෙකුට පමණක් ලඝු කොට තැකිය නොහැකි බවත්, එය පක්ෂයේ එකමුතුවක් වන බවත්, මෙරට පවතින දේශපාලනයටත් මෙලෙස සන්ධාන ගත වීම මඟින් හොඳක් වන බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කරන ලදී.