මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    විශ්‍රාමිකයින් සඳහා නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්

    පෙබරවාරි 18, 2020

    විශ්‍රාමිකයින් සඳහා දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම සෘජුවම දුම්රිය ස්ථානයෙන් විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.‍

    ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.

    විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීමේ පෙර පැවැති සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කරමින් 2016 හඳුන්වා දුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කිරීම ආරම්භ කිරීමේ තවත් පියවරක් වශයෙන් මෙය හඳුන්වා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya