ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යයාලයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අනිකුත් පාරිභෝගික භාණ්ඩ ගත් කළ විශේෂයෙන්ම ලොකු ලූණු වල මිල ඉහළ ගොස් ඇති බව තමන්ට දක්නට ලැබෙන බවත්, ඊට ප්‍රධාන හේතුව වශයෙන් ගිය මස අවසානයේ දී ඉන්දියාව තමන්ගේ අපනයන තහනම ඉවත් කරගනු ලබන බව සඳහන් කළ ද තවත් මසකින් එම අපනයන තහනම දීර්ඝ කර ඇති බවත්, එවිට ආනයනකරුවන් විසින් පකිස්ථානය වැනි රටවලින් අනයනයනය සිදු නොකිරීම මත ශ්‍රී ලංකවේ වෙළඳපොළට එන තොග අඩු වීම නිසා මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පකිස්ථානයෙන් ලොකු ලූණු ආනයනය කිරීමට කටයුතු කිරීමත් සමඟ ඉදිරියේ දී ලොකු ලූණු මිල පහත වැටෙනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ඉන්දියාව විසින් එකී අපනයන තහනම මේ මස අග වන විට අවසන් කිරීමත් සිදු වනු ඇතැයි ද කී රාජ්‍ය අමාත්‍යවරයා නිරන්තරයෙන් භාණ්ඩ වල මිල අඩු වීම් වැඩි වීම් පිලිබඳ ව අධ්‍යනය කරමින් සිටින බවත්, අපනයනකරුවන්, වෙළඳුන් සහ නිෂ්පාදකයින් සමඟත් නිරන්තරයෙන් සාකච්ඡා කරමින් කටයුතු කරමින් පවතින බවත් මෙහි දී සඳහන් කළේය.
එමෙන්ම, ඉදිරියේ දී ස.තො.ස ආයතනය හරහා ඍජුවම ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ද, අලුත් අවුරුද්දට භාණ්ඩ ගෙන්වීමට ද අවශ්‍ය කටයුතු ද මේ වන විට සුදානම් වෙමින් පවතින බව ද රාජ්‍ය අමත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.