මෙතෙක් උසස්විම් නොලැබුණු නිලධාරීන්ට හා ස්ථිර පත් විම් නොලැබූණු නිලධාරින්ට මෙම උස්සවිම් හා ස්ථිර පත්විම් ලබා දිමට නියමිතයි.
මේ වන විට ලංකාව පුරා තැපැල් කාර්යාල 653ක් හා උප තැපැල් කාර්යාල 3410ක් තිබෙන අතර උප තැපැල් කාර්යාලයන් සේවයේ නියුතු නිලධාරින් බොහෝ ප්‍රමාණයක් වැඩ බලන පත්විම් සිදු කර තිබිණි.
එසේම 2020 වසරට සමගාමීව තැපැල් දෙපාර්මේන්තුව සහශ්‍රය සැමරීම වෙනුවෙන් 2020 පෙබරවාරි 20 දින 20 පසුවි විනාඩි 20ට නව මුද්දයක් නිකුත් කිරිමට ද නියමිත බව රාජිත රණසිංහ මහතා කීය.
එසේම හෙට දිනයේ (19) දි උදැසන සිට ම මිට සමගාමීව තැපැල් මුලාස්ථානයේ දී සමරු මුද්දර දැක්මක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. .ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙන්ම විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගි වීමට නියමිතය.
මෙම මුද්දර දැක්ම ආරම්භයේ දී පෙ.ව 10.00ට නේපාල -ශ්‍රි ලංකා රාජ්‍ය තාන්ත්‍රික බව සනාථ කිරීම සඳහා රුපියල් 35ක වටිනාකමකින් යුත් විශේෂිත සමරු මුද්දරයක් නිකුත් කිරීම තැපැල් දෙපාර්මේන්තු පරිශ්‍රෙය් දී සිදු වේ. මෙයට නේපාලයේ වැඩ බලන තානිපතිවරයා ද සහභාගිවිමට නියමිත වේ..
හෙට (19) දිනයේ ආරම්භ වන ප්‍රදර්ශනය පෙබරවාරි 23 දින දක්වා පැවැත්වෙන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසිය.
එසේම 2020 වසරට සමගාමීව තැපැල් දෙපාර්මේන්තුව සහඝ්‍රය සැමරීම වෙනුවෙන් 2020 පෙබරවාරි 20 දින 20 පසුවි විනාඩි 20ට නව මුද්දරයක් නිකුත් කිරීමට ද නියමිත බව රාජිත රණසිංහ මහතා කීය.එය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට, ඇමති බන්දුල ගුණවර්ධන මහතා හා රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා යන අමාත්‍යවරු විසින් එය අගමැතිවරයාට පිළි ගැනවීමද සිදු වන බව කිය.
එදිනම ජනප්‍රිය ගායක මොහිදින් බෙග් කලාකරුවාට උපහාරයක් ලෙසින් සමර මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතව ඇත.